44. ඉස්සර ආදි කාලේ - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

44. ඉස්සර ආදි කාලේ

ඉස්සර ආදිකාලෙ වයලා වියෝලේ
ඇහුවම නැටෙන තාලයේ ...
මල් මල් බයිලා රාග කීවේ යාළුවේ
මේ වගෙ සතුටු සාදයේ ...


හා, කැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤා බයිලා ගයා වයාලා
ලලයි ලාල කියමු නටාලා


හැඩ වැඩ සාය හැට්ටෙ බොස්තරැක්කයේ
ලස්සන තවම පේනවා ...
රොසලින් ඩොරීන් දෝන මේරි සුසානා
දකින්න ආස හිතෙනවා ...

හා, කැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤා බයිලා ගයා වයාලා
ලලයි ලාල කියමු නටාලා


ට්‍රැංගල් කොන්ගො බොන්ගො
බැන්ජො රබානේ
නාදය තවම ඇහෙනවා ...
අළුතෙන් ඇතත් රාග තාල ඇසීලා
මේවත් බොහොම වටිනවා ...

හා, කැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤා බයිලා ගයා වයාලා
ලලයි ලාල කියමු නටාලා


පෙර සිට පැවතෙන රසපද තවම තියේවී
කලියුග කාලේ මේ අපේ ...
ඉපැරණි දේකට අද ඇති අගය පෙනේවි
මේ හැටි දියුණු ලෝකයේ ...


හා, කැපර්මිඤ්ඤ මායි බනාජී
අර බැගර් මැලේ දවුන ජිවාජී
කපිරිඤ්ඤා බයිලා ගයා වයාලා
ලලයි ලාල කියමු නටාලා
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content