41. අවසර නැත මට - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

41. අවසර නැත මට

අවසර නැත මට
ඔබේ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව
සතර දෙසේ

එනමුදු උපදින
හැම භවයකදීම
මතු ඔබ හිමි කර
ගනිමි ලඳේ


බඹරෙකු වන්නට
නොහැකිව ලතවෙන
මා අභියස ඔබ
නෙළුම නොවේ
උල්පත වන්නට
නොහැකිව ලතවෙන
මා අභියස ඔබ
සයුර නොවේ


අවසර නැත මට
ඔබේ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව
සතර දෙසේ


ඔහු රිදවන්නට
ඔහු හඩවන්නට
බැරිකම මිස ඔබේ
සිහින ලොවේ
ඔබ කැඳවන්නට
ඔබ සතපන්නට
මා හද තුළ ඉඩ
නැතිව නොවේ


අවසර නැත මට
ඔබේ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව
සතර දෙසේ
එනමුදු උපදින
හැම භවයකදීම
මතු ඔබ හිමි කර
ගනිමි ලඳේ
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content