22. රන් තරු පායන - SPC WRN 2025

WELFARE RHYTHM NIGHT 2025
Go to content

22. රන් තරු පායන

රන් තරු පායන
අහස බලා..ගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ...
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනෙකෙකු නොවැ අද ඉන්නේ...

මිහිර සොයාගිය
මගෙ ජීවය දැන්
කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ
තවමත් මා
අතමයි වරද තියෙන්නේ..


කුඩා රුවල බැඳ
තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලුවේ
කොහේ සිටන්
කොයිබට මා යාවිද
මටනම් නැහැ වැටහෙන්නේ


රන් තරු පායන
අහස බලා...ගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙ‍කු නොවැ අද ඉන්නේ...


පලා දෙපලුකර
හදවත දෙන්නම්
කාට එකතු කල හැක්කේ
බලාගන්න සෙනෙහස
තව ඔබටයි
මා හද තුල හැමවේලේ


රන් තරු පායන
අහස බලා..ගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙ‍කු නොවැ අද ඉන්නේ

මිහිර සොයාගිය
මගෙ ජීවය ගැන
කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ
තවමත් මා
අතමයි වරද තියෙන්නේ
සමාවෙයන් සොඳුරියෙ
තවමත් මා
අතමයි වරද තියෙන්නේ...//
Welfare Rhythm Night 2025
· Welfare Society ·
St. Peter’s College, Colombo 04


Official Digital Partner









The Ultimate ImaginationCall Us: +94 77 33 77 495Email: ads@creative4.lkWeb: www.creative4.lk

© 2025 | Designed & Developed by CREATIVE 4









Back to content